මධ්‍යම පළාත තුළ විධිමත් සහ යහපත් පුස්තකාල සහ තොරතුරු සේවාවක් ඇති කරලීමටත්,බල පුදේශය තුල ක්‍රියාත්මක කෙරෙන මහජන පුස්තකාල,අධ්‍යාපන පුස්තකාල,දෙපාර්තමේන්තු පුස්තකාල සහ අනෙකුත් පුස්තකාල සැලසුම් කිරිම,සංවර්ධනය කිරිම සහ සම්බන්ධිකරණය කිරිම මෙන්ම මධ්‍යම පළාතේ සංවර්ධනය සදහා අවශය තොරතුරු කළමණාකරනය කිරිම මගින් නව ලෝකය කරා යා හැකි දැනුවත් ජන සමාජයක් නිර්මාණය කිරිම අපගේ ප්‍රමුඛ පරමාර්ථය වේ.
මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ අරමුණ වන්නේ ස්වාධිනව ඉගෙනුම් ලබන්නන් ලෙස මිනිසුන්ගේ ජිවිත කාලය මුලුල්ලේ ඔවුන් වාටා ඇති ජිවන අත්දැකිම් සහ ඉගෙනුම් අවස්ථා සමුහය අතුරින් කාර්යක්ෂමව අවශ්‍ය දෑ පමණක් තෝරා ගැනිම් කළ හැකි පුද්ගලයින් ලෙස මිනිසා නගා සිටුවිම මෙන්ම තම ජිවිත ස්වං මාර්ගෝපදේශකත්වයෙන් සහ ස්වං තිරණයෙන් යුතු නිර්මාණශිලි පුද්ගලයින් බවට පත් කිරිම සදහා වඩාත් සුදුසු ඉගෙනුම් අවස්ථා ලබා දීම සහ ඒ සදහා අවශ්‍ය දැනුම සහ තොරතුරු ලබා දීම ද වේ.